යූ ටියුබ්
-
- යූ ටියුබ් යනු 2005 පෙබරවාරි මස දී පේපෑල් සාමාජිකයන් තිදෙනෙක් විසින් නිමවන ලද වීඩියෝ හුවමාරු වෙබ් අඩවියකි..2006 න් පසු ගූගල්ආයතනයට හිමිව ඇති යූ ටියුබ් භාවිතයෙන් වීඩියෝ දර්ශණ පට උඩුගත කිරීම් නැරඹීම් සහ වීඩියෝපට හුවමරු කරගැනීම් සිදුකල හැක.කැලිෆෝනියාවේ සැන් බෲනෝ හි පවත්වගෙන යන මෙම ආයතනය සතුව ඇඩෝබි ෆ්ලෑශ් විඩියෝ සහ HTML5 තාක්ශණය භවිතයෙන් කරනලද ,රූපවහිනී දර්ශනපට සහ සංගීත වීඩියෝපට,කෙටි නව වීඩියෝපට,අධ්‍යාපනික වීඩියෝපට සහ ආධුනිකයන් විසින් ඉදිරි පත් කරනද නිර්මාණ ද ඇතුලත් වේ.
-
- යූ ටියුබ් හී විශාල ප්‍රමාණයක් තනි පුද්ගලයන් විසින් උඩුගත කරන ලද වීඩියෝපටද,සංස්ථාපිත ආයතන වන CBS,BBC,Vevo,HULU වැනි ආයතන උඩුගත කරන ලද විඩියෝපටද, යූ ටියුබ් සාමජික වැඩසටහන් කොටස් ලෙසද අඩංගු වේ.ලියපදිංචි නොවූ සාමාජිකයින්ට විඩියෝපට නැරඹීමට ද,ලියාපදිංචි වූ සාමාජිකයින්ට අසීමිත ප්‍රමණයක් විඩියෝපට උඩුගත කිරීමටද මෙමගින් අවස්ථාව සලසා ඇත.වැඩිහිටියන්ට පමණක් වූ දර්ශන වයස අවුරුදු 18 සම්පූර්ණ බව සනාථ කල හැකි සාමාජිකයින්ට පමණක් නැරඹිය හැක.ගූගල් ආධාර වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 1.65 කට මෙම යූ ටියුබ් LLC ආයතනය මිලට ගෙන ඇත.
ආයතන අතීතය
- පේපෑල් ආයතනයේ කලින් සේවකයින්වූ චැඩ් හ'ලි,ස්ටීව් චෙන් සහ ජාවඩ් කරීම් යන තිදෙන විසින් යූ ටියුබ් අරඹන ලදී.පෙන්සිල් වෙනියා හී ඉන්ඩියානා විශ්ව විද්‍යාලයෙ නිර්මානකරණය හ'ලි විසින් හදාරා ඇති අතර,චෙන් සහ කරීම් ඉලනොඉඩ් විශ්ව විද්‍යාලයේ පරිඝණක විද්‍යාව හදාරා ඇත.සැන් ෆ්රැන්සිස්කො හී චෙන් ගේ ලැගුම්හලේදී තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් ආවරණය කොට එහි වීඩියෝ දසුන් එයට සහභාගී නොවූ කරීම්ට හුවමරු කර ගෙනීමේ දී ඇති වූ අපහසුතා වලින් පසු මෙම යූ ටියුබ් පිලිබඳ අදහස ඇතිවී ඇත.තවද 2004 ආසියාවේ ඇති වූ සුනාමි සිද්ධියේ වීඩියෝපට ද අන්තර්ජාලය තුලින් සොයා ගැනීමට තිබූ අපහසුතාවයද මෙම යූ ටියුබ් අදහස ඇතිවීමට මුල් වී ඇත.තවද හ'ලි සහ චෙන් ප්‍රකාශ කරන පරිදි ඔවුනට අවශ්‍ය වූ "ඔන්ලයින් ඩෙටිං සර්විස් " නම් වූ දින වෙන් කර ගැනීමේ සේවයක් වූ "හොට් ඔර් නොට් වෙබ් අඩවිය හරහා මෙම අදහස ඉදිරිපත් වූ බවයි.මූලාරම්භයේදී ඩොලර් මිලියන 11.5 ක මුදල් ආයෝජනයකින් සික්වියා කැපිටල් නමින් 2005 නොවැම්බර් සහ 2006 අප්‍රේල් අතර කාලයේදී සිදු කල වාණිජමය සම්ප්‍රේශණයක් ලෙසින් යූ ටියුබ් ආරම්භ කර ඇත.කැලිෆෝනියාවේ සැන්ටියාගෝ නුවර පිහිටි ජපාන ආපන ශාලවක පිහිටුවා ගත් ස්ථානයක මුලින්ම යූ ටියුබ් මූලස්ථානය ලෙස පැවතුනි.
- "Me at the zoo(සත්තුවතේ දී මා)" යන නමින් නිකුත් වූ විඩියෝ දර්ශන පෙල මුල්ම යූ ටියුබ් වීඩියෝ දර්ශන පෙල ලෙස සැලකෙන අතර එහිදී සම නිර්මාණකරු වන ජේකබ් කරීම් සැන්ඩියාගෝ සතුන් වත්තේ දී ගන්නා ලද ඡායා රූප ඊට අන්තර්ගත විය.එවා 2005 අප්‍රේල් 23 වන දින උඩුගත කල අතර එය තවමත් යූ ටියුබ් වෙබ් අඩවියෙන් නැරඹිය හැක.2005 නොවැම්බර් මස නිල දියත් කිරීමෙන් පසුව 2006 ජූලි මස වන විට දිනකට වීඩියෝ දර්ශණ 6500ක් පමණ උඩුගත කරන බවත් මිලියන 100කට වැඩි ප්‍රමාණයක වීඩියෝ පට නරඹන බවත් එහි ප්‍රකාශකයෙක් පවසා ඇත.කොම්ස්කෝ නැමති වෙළඳ පර්යේෂණ අයතනයකින් ලබාගත් තොරතුරු මෙයට ඇතුලත්ව ඇත.
- එක්සත් ජනපදයේ ප්‍රධාන පෙලේ සබැදි වීඩියෝ පට සපයන ආයතනයක් ලෙස යූ ටියුබ් හැදින් විය හැකිය.2010 මැයි වන විට කොටස් වෙළද පොළේ 43% ක් ද වීඩියෝ පට බිලියන 14ක් පමණද යූ ටියුබ් සතුව පැවත ඇත.
-
-
- යූ ටියුබ් හී දැක්වෙන පරිදි සෑම මිනිත්තුවකට වරක් වීඩියෝ පැය 100ක් පමණ උඩුගත වේ.ඉන් 3/4ක් පමණ එක්සත් ජනපදයට පිටස්තර වන අතර සෑම මසකටම අලුතින් සාමාජිකයින් මිලියන 800ක් පමණ යූ ටියුබ් හී සාමාජිකත්වය ලබා ගනී.Alexa ශ්‍රේණි ගත කිරීම් වලට අනුව අන්තර් ජාලයේ ගූගල් සහ ෆේස්බුක් වලට පසුව තෙවනියට වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවිය බවට යූ ටියුබ් පත්වී ඇත.
-
- www.youtube.com යන වසම් නාමය තෝරාගැනීම ගැටලු රැසකට හේතුවිය.www.utube.com යන නමින් තවත් වෙබ් අඩවියක් තිබීම මෙයට හේතුවිය.මෙම ආයතනය හිමි යුනිවර්සල් ටියුබ් සහ රෝල්ෆෝම් ඉක්විප්මන්ට් ආයතනය විසින් 2006 නොවැම්බර් මස දී නීතියේ සහය පතා නඩුවක් ගොනු කිරීමට හේතු වූයේත් මිනිසුන් වැඩිපිරිසක් තම වෙබ් අඩවි නාමයට සමාන නාමයක් ඇති නව වෙබ් අඩවියට වැඩියෙන් පිවිසීමයි.කෙසේ වෙතත් www.utiube.com හී නාමය www.utiyubeonline.com ලෙස වෙනස් කිරීමෙන් අනතුරුව මෙම ගැටලුව නිරාකරණය වූ අතර,ඉන් පසු ගූගල් අයතනය විසින් 2006 නොවැම්බර් 13 වන දින ඩොලර් බිලියන 1.65කට යූ ටියුබ් ආයතනය මිලට ගන්නා ලදී.
-
යූ ටියුබ් සඳහා වැය වන මුදල පිලිබඳ කිසිදු සඳහනක් නොකරන ගූගල් ආයතනය ආදායම ගැනද කිසිවක් ප්‍රකාශ නොකරයි.කෙසේ වෙතත් ෆෝබ්ස් සඟරාව පවසන පරිදි 2008 දී යූ ටියුබ් ආදයම ලෙස ඩොලර් මිලියන 200ක් පමණ උපයාගෙන ඇත.2006 ජූනි මසදී NBC සමග විකිණුම් සහ දැන්වීම් කොටස් කරුවන් ලෙස යූ ටියුබ් එකතු වී ඇත.2008 නොවැම්බර් මසදී MGM,Lions Gate Entertainment සහ CBS ආයතන අතර සම්මුතියකට එලඹි ඇති අතර මෙමඟින් බලා පොරොත්තු වූයේ NBC,Fox සහ Disney වැනි ආයතන වල වීඩියෝ අතුලත් Hulu වැනි වෙබ් අඩවි සමඟ තරඟකාරිත්වයක් ඇති කිරීමයි.ඉන් පසු මෙමෙ ආයතන වලින් ලබා ගත් වීඩියෝ දර්ශන එක්සත් ජනපදයෙන් පිටස්තරවත් ප්‍රදර්ශණය කරන ලදී.වීඩියෝ තාක්ෂණය
ප්‍රතිධාවනය
-
- පුද්ගලික පරිඝණකයක යූ ටියුබ් වීඩියෝ දර්ශන නැරඹිමට එම පරිඝණකයේ ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයර් මෘදුකාංගය ඇතුලත්ව තිබිය යුතුය.2010 ජනවාරියේ දී යූ ටියුබ් මඟින් පරීක්ෂණාත්මක වෙබ් අඩවියක් නිකුත් කල අතර මෙමඟින් HTML5 තාක්ෂණය උපයෝගී කොටගත් වෙබ් අඩවි වලට පිවිසීමට ඇති හැකියාව සහ ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයර් මෘදුකාංගය නොමැතිව යූ ටියුබ් වීඩියෝ දර්ෂණ නැරඹීමට ඇති හැකියාව සොයා බලා ඇත.
උඩුගත කිරීම්
-
- වරකට විනාඩි 15ක කාලයකින් යුත් වීඩියෝ දර්ෂණ උඩුගත කළ හැකි අතර විශ්වාසය දිනාගත් ප්‍රවීන සාමාජිකයින්ට තම ජංගම දුරකථනය හරහා ස්ථීර සාමජිකත්වය තහවුරු කිරීමෙන් පසු පැය 12 ක් තරම් දිගු වීඩියෝ දර්ෂණ උඩුගත කිරීමේ හැකියාව ඇත.2005 දී දියත් කරනු ලැබූ යූ ට්යුබ් හරහා අසීමිත ප්‍රමාණයක උඩුගත කිරීම් සදහා අවස්ථාව තිබුනද ඉන්පසු විනාඩි 10ක කාල සීමාවකට සීමා කරන ලදී.2010 ජූලි මසදී මෙම කාල සීමාව විනාඩි 15 දක්වා දීර්ඝ කරන ලද අතර වීඩියෝවේ ප්‍රමාණය 2GB දක්වා සීමා කලත් යාවත්කාලීන කරන ලද වෙබ් බ්‍රවුසර සදහා 20GB දක්වා උඩුගත කිරීම් සිදුකල හැක.
- යූ ටියුබ් සදහා AVI,MKV,MOV,MP4,Divx සහ FLV වැනි ආකෘති වලින් යුතු වීඩියෝ පට උඩුගත කිරීම් සිදුකල හැක.ස්කෑන් කිරීම් මගින් සහ ජංගම දුරකථන භාවිතයෙන් 3gp ආකෘතියේ වීඩියෝ දර්ෂණ ද උඩුගත කිරීම් කල හැකිය.
කොඩෙක් තත්ත්වය
-
- මුල් යුගයේදී විභේදනය පික්සල් 320x240 ක් වූ එක් තත්ත්ව මට්ටමකට අයත් වීඩියෝ පමණක් භවිතා කිරීමට අවකාශ සලසා තිබුණි. එහිදී සොරෙන්සන් ස්පාර්ක් කොඩෙක් භවිතය සිදුවිය.2007 ජූනි මාසයෙදී ජංගම දුරකතන මගින් සම්බන්ධ වී වීඩියෝ නැරඹීමේ අවස්ථාව භාවිතා කරන්නන්ට ලැබුණි.2008 නොවැම්බරයේදී 720p උපකාරය එක් කොට යූ ටියුබ් ධාවකය 4:3 අනුපාතයක සිට 16:9 අනුපාතයකට අනුව පුළුල් තිර දර්ශනයට මාරු වීම කරනලදී. අවසන් වශයෙන් 4-k ආකෘතියට වෙනස් කොට විභේදන හැකියාව 4096x3072 ට වර්ධනය වීම සිදුවිය.
- 2010 ජූලි මසදී යූ ටියුබ් ප්‍රකාශ කළ පරිදි පික්සල් 4096x3072 විභේදනයට ලක් විය හැකි 4k ආකෘතියකට අනුව වීඩියෝපට විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත.ආරම්භයේ සිට විභේදනය පික්සල් 3840x2160 තෙක් උපරිම පික්සල් ප්‍රමාණයකින් දෙපසට පික්සල් 1080 ලෙසින් අඩුකිරීම සිදු කර ඇත.ඉතා උසස් ත්ත්වයෙන් යුක්තව වීඩියෝ විශාල ප්‍රමාණයක් යූ ටියුබ් හී දක්නට ලැබේ.කලින් යොදා තිබූ සම්මත තත්ත්ව(SQ), ඉහළ තත්ත්වය (HQ)සහ ඉහළ අර්ථයේ වීඩියෝ (HD)ද වීඩියෝ වේ සිරස් විභේදනයට සාපේක්ෂ අංකිත අගය යොදා වෙනස් කර ඇත .නිරවද්‍ය වීඩියෝ ධාරාවH.264/MPEG-4AVC ආකෘතියට අනුව ස්ටීරියෝ AAC ඕඩියෝ වශයෙන් කේතාංක කර ඇත.
-
මුලාශ්‍රය wikipedia.orgසකස් කරේ wikipedia ඈසුරෙනි.
-