Friday, January 9, 2015

මොකද්ද මේ C++කියන්නේ? >>>> C++ redistributable packages <<<<<



ඔන්න මන් අද ගෙනාවේ ගොඩක් අයට වටින ලිපියක්.ගොඩක් නෙවෙයි ඔක්කොටම.ඔයාලා දන්නවනේ games,software වලට C++ redistributable package කියලා එකක් ඕන කරනවා.ගොඩක් games වල software වල මේ C++ නැතිඋනාම error එනවා.


මොකද්ද මේ C++කියන්නේ?

ඇත්තෙන්ම කිවුවොත් C++ කියන්නේ පරිගනක භාෂාවක්.java වගේ.ගොඩක් වෙලාවට සමහර software C වලින් තමයි හදන්නේ.විශේශයෙන්ම game,software .exe file එක.ඉතින් මේ C++ වලින් හදපු මේ software,games run කරන්න C++ redistributable package ඕන කරනවා.ඒක නිසා අපි ලග ඒවා තියෙන්න ඕන.ගොඩක් වෙලාවට software,games setup එකත් එක්කම මේ software,game එකට අදාල C++ package එකත් එනවා.ඒත් ඒවයි යම් යම් වැරදි තියෙන්න පුලුවන්.එහෙම උනොත් ඒ software,game වැඩ කරන්නේ නෑ.ඒකනිසා ඒවා install කරලා තියගන්න එක ඔයාගේ වැඩ වලට හොදයි.මේ C++ එකේ එක එක versions තියෙනවා.2005,2008 කියලා.මන් ඔයලට 2013 වෙනකම් 32 bit 64 bit දෙනවා.

ඔන්න මන් අද ගෙනාවා ඔක්කොම C++ version තියෙන zip එකක්.50 MB විතරයි.මේක install කරාම ඔයාගේ system එකට ලොකුසහයක් වෙයි.

Download

Windows 8/8.1/10 වලටත් Gadgets ....




කොහොමද මගේ යාලුවනේ.ගොඩ දවසකින් ලිපිගේන්න බැරි උනේ ඉතින් පරිගනකයේ හිමිකරුගේ පරිගනකය අක්‍රිය වුන නිසා.මන් ඉතින් ඔන්න අලුත් ලිපියක් ගෙනවා.කවුරුත් වගේ ආසයි  windows 7 එක්ක ආපු gadget feature එකට.ඒ මේ කියන gadget feature එක windows 8,8.1 වල නෑ.මොකද windows සමාගම slide bar  එක windows 8,8.1 වලින් ඉවත් කරලා තියෙන නිසා.මේ gadget run කරන්න අපිට windows slide bar  කියන windows වලින්ම එන එකක් software තියෙනවා.ඒ software එක මගින් තමයි gadgets run කරන්නේ.හොදයි ඔන්න windows 8 වලට ආපු නැති slide bar එක දැන් 8,8.1වලටත් තියෙනවා.මේක නිසා ඔයාලට පුලුවන් ආයෙත් gadgets දාලා ඔයාගේ desktop එක හැඩට තියාගන්න..

For windows 8

For windows 8.1


ලින්ක් වැඩ කරන්නේ නැත්නම් වහාම දැනුම් දෙන්න.

Monday, December 29, 2014

web browser එකේ තියෙන data backup කරගන්න ((((browser settings, cookies, book mark, cash))))


ඔන්න මන් අද ඔයාලට ගොඩක් වටින ලිපියක් ගෙනාවා.web browser එකේ තියෙන data backup කරගන්න ගොඩක් දෙන දන්නේ නෑ.ඔයාලා දන්නවනේ windows install කරාම,web browser uninstall කරාම ඔයා save කරපු browser settings, cookies, book mark, cash  වගේ දේවල් නැතිවෙනවා.මේක ලොකු ප්‍රශ්නයක්.ආයේ internet යන්න ගියාම ඔයාට සමහර web site වල ලිපිනය අමතක වෙන්න පුලුවන්.වෙනදා යන්නේ book mark එකෙන් නිසා.අලුතින් browser install කරාම ඔයා කලින් ලේසියෙන් ගිය web site වලට යන්න (load )  ගොඩක් වෙලා යනවා.මේ දේ සිද්ද වෙන්නේ මෙහෙමයි.cookies වලින් කරන්නේ ඔයා යන හැම website එකකම දත්ත රදවා ගැනීම.එකෙන් ඒ website වල වැඩකටයුතු වේගවත් වෙනවා.Facebook උදාහරනයකට ගමු.මුල්ම දවසේ ඔයාට FB එකට යන්න වෙලායනවා.එත් ටිකක් දවස් FB Use කරන්න කරන්න FB යන්න  (වැඩ කටයුතු) load වෙන්න ලොකු වෙලාවක් ගන්නේ නෑ.ඒ මොකද web browser මගින් FB එකේ සමහර දත්ත web browser එකේ ගබඩාකරගැනීම නිසා.ඒක නිසා අමුතුවෙන් අත්‍යාවශ්‍ය තොරතුරු web browser එකෙන් download කරගන්නේ නෑ.එකෙන් ඔයාගේ data ඉතුරුයි,කාලයත් ඉතුරුයි.cookies විදියට තමයි මේවා web browser එක save කරගන්නේ.

ඉතින් මේ තොරතුරු ඔයාට නැති උනොත් ඔයාට කරඩරයි.ඔන්න මන් ගෙනාවා මේවා backup කරගන්න පුලුවන් software එකක්.download කරගන්න.පල්ලෙහා ඇති.පොඩි software එකක්.මතක ඇතුව download location එක ලබාදෙන්න..data restore කරගන්නෙත් මේ SW එකෙන්මයි.

Internet Explorer, Firefox, Opera, Safari, Flock and Chrome.












Saturday, December 27, 2014

මොකද්ද මේ torrent කියන්නෙ? ((( Torrent Download )))





ඔන්න මන් අද ගෙනාවෙ ගොඩක් දෙනෙක් දන්න ඒත් කොටසක් නොදන්න දෙයක් ගැන.ඒ Torrent Download තමයි.මොකද්ද මේ Torrent කියන්නේ? ඇත්තටම මේකෙන් මොකද්ද කෙරෙන්නෙ?

හොදයි අපි බලමු.

Torrent කියන්නේ File Download කරන එක ක්‍රමයක්.හිතන්න ඔයාලා සින්දුවක් download කරනවා කියලා.ඒ සින්දුව ඔයා download කරගන්නේ කෙලින්මයි.වෙනත් ක්‍රමයකින් නෙවෙයි.Download Manager වලින් download කරනවා කියන්නේ වෙනත් ක්‍රමයක් නෙවෙයි.දෙකම එකයි.මේ file download කෙලින්ම වෙනත් කිසිම software එකක උදවුවක් නැතිව කරනවානම් ඒකට අපි කියනවා Direct Download කරනවා කියලා.Direct කියන්නේ කෙලින්ම කියන එක.හොදයි මේ වෙනත් කියන එකට Download Manager අයත් වෙන්නේ නෑ.මොකද Download Manager කරන්නෙත් web browser එකෙන් කරන දේම වේගවත්ව කරලා දෙන එකක්.ඒත් Torrent Download Software එහෙම නෑ.ඒවයින් file download කරන්න torrent file එකක් අවශ්‍යයි.download link වලින් download කරන්න බෑ.මේ torrent file එකේ තියන්නේ අපි download කරගන්න යන file එකේ පොඩි තොරතුරු ටිකක් විතරයි.Download link එක file size එක වගේ දේවල් මේ torrent file එකේ අඩන්ගු වෙලා තියෙනවා.මේ torrent downloder එකෙන් මේ torrent file කියවලා ඒවායි තියෙන download link ,peers වගේ දේවල් සොයාගන්නවා.මේ ක්‍රමය නිසා download ඉක්මන් වෙනවා.ඒක නිසා අපිට ලේසියි. අනික direct download වලට වඩා ගොඩක් download link මේකට සම්බන්ද වෙනවා.
හොදයි මන් පල්ලෙහා ගොඩක් අය use කරන Torrent Download Manager එක දාලා ඇති.ගිහින් බාගන්න..මීට පස්සේ මන් ඔයාලට file download දෙන්නේ torrent වලින්.

  • ටොරන්ට් Tracker එකක් යනු!
මේ ක සේවාවක් .මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි.

  • ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. හිතමු X ගාව අලුත්ම ගේම් එකක් තියෙනව කියල, ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්. ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න. හදල ඒ ෆයිල් එක දෙනව Z ට. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව. X මේ ගේම් එකකොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ. Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල. මෙහිදි මෙම ක්‍රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්. ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේ චිත්‍රපටිය අප්ලෝඩ් කරන්න, මේකට තමයි සීඩ් කරනව කියන්නෙ. දැන් ඔන්න Z ගාවත් අදාල චිත්‍රපටිය තියෙනව. මේක තමයි මූලික සිද්දාන්තය.දැන් බලමු ප්‍රසිද්ධම ගේම් වලට වෙන දේ මොකද්ද කියල.


මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (ගේම් එකක් නෙවෙයි) අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1යි). අපි හිතමුකො මේ ගේම් එක හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක. එයාල මේක බාගන්නව, බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව. එමගින් ගේම් එකත් බාගන්නව. (දැන් සීඩර්ස්ල 10යි) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව, ඒ ගමන්ම අප්ලෝඩ් කරනව. (දැන් සීඩර්ස්ල 100+යි) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය ගේම් එක අපේ පරිගණකයට එන්නෙ.





මේ ලිපිය ඔයාට ගොඩක් උදවු වුනා නම් මගේ FB Page එකට LIKE ! කරන්න.ප්‍රශ්න ගැටලු තියෙනම් Comment කරන්න.හොදයි මේ වගේ ලිපියකින් අයෙත් මන් එනවා.මන් ඔයාලගේ පරිගණකය..සුභ දවසක්!

Wednesday, December 24, 2014

FAR CRY 4 Cheat Codes ...(((( Ultimate Ammo & Good Mod ))))



ඔන්න FAR CRY 4 එකේ cheat එකක් මන් ගෙනාවා.මේ දවස් වල ප්‍රසිද්ද game එකක් නේ.cheat වලින් කරන්නේ හොර වැඩ කරලා game ගැහිමක්.මේ කියන cheat එක Code එකක් නත්නම් software එකක් වෙන්නත් පුලුවන්.මෙතනදි නම් කරන්න තියන්නේ coding වැඩක් , මේ cheat එක active වෙන්න.හොදයි..පල්ලෙහා තියෙන step වලට අනුව කරන්න.

Step 1>>>>

යන්න  Far Cry 4 profile folder එකට.FAR CRY එකේ profile වල තමයි  Save file තියෙන්නේ..


C:\Users\USERNAME\Documents\My Games\Far Cry 4

Step 2 >>>>>>

එතන "GamerProfile.xmlකියලා file එකක් ඇති.mouse එකේ right click කරලා open with එකේ  open with notepad කියන එකට යන්න.කොහොම හරි ඒ file එක notepad එකෙන් open කරගන්න.


Step 3>>>>>

මන් හිතනවා ඔයා ඒ "GamerProfile.xml"කියන XML file එක open කරගෙන ඇති කියලා.ඊලගට කරන්න තියෙනේ ctrl + f  එක press කරලා find box එක ගන්න එක.අපිට Find එක උදවු වෙන්නේ මෙන්න මේ "< GameProfile />" කියන පදය තියෙන පේලිය හොයාගන්න එකට.Find එකේ match case කියන එකට tick එකක් දාන්න.දැන් මේ "< GameProfile />කියන එක copy කරගෙන notepad Find එකේ past කරලා හොයාගන්න ඒ පේලිය කොහෙද තියෙන්නේ කියලා.

Step 4 >>>>

අන්න ඒ හොයාගත්තු පේලිය මෙන්න මේ පල්ලේහා තියෙන විදියට සන්ස්කරනය (Edit)  කරගන්න.


< GameProfile
  GodMode = "1"
  UnlimitedAmmo = "1" />

ඒක save as.. නැතුව SAVE ලබා දෙන්න.දැන් ඉතින් far cry ගහලා බලන්න.කොහොමද කියලා බලන්න comment කරන්න.අත් බොම්බ වල ඉදලා ඕන මගුලක් තියෙනවා.

ලිපි copy කිරීම තහනම්..ඒකෙන් ලැජ්ජාවෙන්නේ ඔයාටමයි.

Bang Bang 2014




ඔන්න ගෙනාවා අලුත් ෆිල්ම් එකක්...ඒ ඔයාලා කවුරුත් දන්න Bang Bang film එක.දැනටමත් film එක download කරගත්තෙ නැත්නම්.දැන්ම download කරගන්න.සින්හල උපසිරැසිත් එක්ක.



මෙන්න ස්ටොරි එක... 

2014 ඔක්තෝම්බර් 02 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු නිර්මාණය නමින් Bang Bang,2010 වසරේ “ටොම් කෘස් සහ කැමරන් ඩයස්” විසින් රගපාපු Day and Knight ෆිල්ම් එකේ නිල ප්‍රතිනිර්මාණය.  කෝටි 112 වියදම් කරලා නිෂ්පාදනය කරපු මේ ෆිල්ම් එක කොටි 202 (worldwide) උපයලා තියෙනවා. 


පෙර රජදවස ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් හම්බ වෙනවා මෙතක් හමුවූ ලොව විශාලම දියමන්තිය. නමින් එය කොහිනුර් (Koh-i-Noor) තමිල්නාඩු ප්‍රාන්තයේ උපත ලැබුවත්, දිල්ලි,රාජ්පුත්, මුගල්, අෆ්ශරිඩ් සහ ශික් රාජ වංශ යටතේ රැකවරණය ලැබුනා, නමුත් බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව ආක්‍රමනය කරයින් පස්සේ 1849 දී බ්‍රිතාන්‍ය ආධිරාජ්‍ය විසින් මුහුදු හතක් දුර එංගලන්තයට මේ දියමන්තිය අරගෙන යනවා. ඔන්න ඔහොමයි අතීත කතාව (ඔය පොඩ්ඩයි හොදේ තව ලීවොත් ඕකට වෙනමම ලිපියක් ලියන්න වෙනවා) අතීතයේත් වර්තමානයේත් මේ දියමන්තිය එංගලන්තයේ රජ කිරුළේ කොටසක්, වර්ථමානයේ එය රදවලා තියෙන්නේ එංගලන්තයේ “ලන්ඩන් කුළුනේ.”
මම රාජ්විර් නන්දා(Hrithik Roshan)මම මානසික වශයෙන් අසමතුලිතයි, මට මානසික වෛද්‍ය වරයෙකුගේ සහය අවශ්‍ය කරනවා. මම මේ ලන්ඩන් කුළුනේ සියළුම ආරක්‍ෂක විධි විධාන ඉදිරියේම කොහිනුර් දියමන්තිය හොරකම් කරනවා. ඒ ඔමාර් සෆර් වෙනුවෙන්. නමුත් ඔහුට එය විකුණන්න නෙමේ. වෙනත් විදිහකට  භාවිතා කරන්න, මට ඔය හොරකම අතරතුරේදී වැරදීමකින් ශිම්ලා වල බැංකුවක වැඩ කරන ලස්සන තනිකඩ කෙල්ලෙක් හම්බ වෙනවා හර්ලින් සහානි. (Katrina Kaif) දැන් මම හොරකම් කරපු දියමන්තිය ඔමාර් සෆර්ට ඕනේ කරනවා, මට විශ්වාස කල හැකි කිසිම කෙනක් නැ. හැම තැනම ඔමාර් සෆර් ගේ ගෝලයෝ සහ ඔවුන් මාව මරන්නත් උත්සහා කරනවා, තව අර වැරදීමකින් හම්බ උන කෙලිටත් මරණ තර්ජන… මේ මම ජීවීතේ බේරගන්න දරන උත්සහය..නැ නැ,එහෙනම්?
එහෙනම් බලමුකෝ..කවුද මේ රාජ්විර් නන්දා කියන්නේ.? මොහු ඇත්තටම හොරෙක්ද.? කවුද ඔමාර් සෆර් කියන්නේ.? ඇයි රාජ්විර් කොහිනුර් දියමන්තිය හොරකම් කරේ.? කොහොමද රාජ්විර් වගේ ලෝක හොරේකුට හර්ලින් වගේ කෙල්ලක් හම්බ උනේ.? ඔමාර් සෆර් ගේ මිනිස්සුන්ගෙන් බේරෙන්න හැකි වේයිද ඔවුන්ට.?හර්ලින් දැනගත්තහම රාජ්විර් කියන්නේ ලෝක හොරෙක් කියලා දැනගත්තහම මොනවා කරයිද.? මේ සියල්ලම ඔයාලට පැය 2.30 ක් කාලය තුලදී බලාගන්න හැකියි. කස්ටිය හිතන්න එපා day and knight එක වගේම වෙන්න ඇති මේකත් කියලා, මේ නිර්මාණ දෙක අතර ලොකු ලොකු වෙනස්කම් රාශියක් තියෙනවා. සහ ලෝකයේ සිනාම පටයකට පළමු වතාවට තමා water ski stunt භාවිතා කරලා තියෙන්නේ ඒ අනුව “රිතික් රෝෂන්” තමා ලොව පළමු නළුවා මේ විදිහේ ක්‍රියාදාමයක් කරපු. එහෙනම් මම ගියා හැමෝටම සුභ දවසක්.!!
ස්ටොරි එක කොපි කරගත්තේ  http://www.baiscopelk.com එකෙන්.
Torrent Download 


Sunday, December 21, 2014

Shortcut virus එකක් ලේසියෙන් අයින් කරගන්න



මන් අද කියලා දෙන්න යන්නේ Shortcut virus එකක් ලේසියෙන් අයින් කරගන්න හැටි.වෙන blog වල වගේ විශේශ software පාවිච්ච්යි කරලා නෙවෙයි. Shortcut virus කියන එක සාමාන්‍ය Free Virus Guard  වලට අහුවෙන්නේ නෑ (මතක තියාගන්න Free Virus Guard  වලට ඇතැම්  Shortcut virus අහුවෙන බව).එක තමයි තියෙන ප්‍රශ්නය.බැරි වෙලාවත් ඔයාගේ computer එකට Shortcut virus එකක් ආසාදනය වෙලානම් දැනගන්න ව්දිය තමයි යටින් තියෙන්නේ.මේ  Shortcut virus එක ඔයාගේ computer එකට virus එන්නේ බොහොවිට ඔයාගේ වැරද්දෙන්මයි



  • Task Manager තුල හදුනානොගත් පරිගනක වැඩසටහන් ක්‍රියාත්මක වී තිබිම.
  • සෑම Folder එකක් තුලම එම folderයේ නමින්ම shortcut එකක් සෑදී තිබීම.
  • ඇතැම් වේලාවට පිටතින් ඇතුලු කරන Pen Drive වල තිබෙන Folder සියල්ලම වාගේ    shortcut වී තිබිම.
  • 1 GB folder එකක් වුවත් 1kb ලෙස පෙන්වීම.


Shortcut virus එකක් computer එකට ආවොත් මේ වගේ ලක්ශණ පෙන්නයි.අනිවාර්යෙන් Shortcut හදන එකනම් කරනවා.මේක කරගන්න පොඩි step ටිකක් කරන්න වෙනවා.ඊට ඉස්සෙල්ලා Glary Utilities Download කරගන්න.මේ software එක අපේ වැඩ වලට උදවු වෙනවා.මන් මේ software එක ගැන මීට කලින් post එකක් දාලා ඇති මෙතනින් ගිහින් බලන්න. හොදයි මේ Glary Utilities software එක විශේශයෙන් Shortcut virus අයින් කරන්න හදපු software එකක් නෙවෙයි.මේක PC Speed කරගන්න පාවිච්චිකරන Software එකක්. අනිවාර්යෙන් මේ step ටික අනුව යන්න මේ software එක ඕනමයි. මන් මෙතනින් කියලා දෙන්න යන්නේ virus guard වලට අහුවෙන්නේ නැති virus අයින් කරන විදිය. මන් මීට කලින් Glary Utilities ගැන ලිපියක් දාලා ඇති ඒක මෙතනනින් ගිහින් කියවන්න. <<< link


Step 1


Virus වැඩසටහන දැනට අක්‍රිය කිරීම.(End Task )

මේ වැඩේට මන් Glary Utilities එකෙන් ලබාදෙන Process Manager කියන tool එක පාවිච්ච්යි කරනවා.එකෙන් ලේසියෙන් virus වැඩසටහන් හදුනගන්න පුලුවන්. අනවශ්‍ය වැඩසටහන් run වෙනවානම් එය මත right කර end process ලබාදෙන්න.
















           
                                                                                                                       
Step 2

දැන් කරන්න ඕන ආයෙත් computer එක on කරන කොට virus එක යලි පනගැන්වීම වැලැක්වීමයි.මේකට Glary Utilities එකෙන් startup manager කියලා tool එකක් දිලා තියෙනවා.ඒක open කරගන්න.ඊට පස්සේ පෙන්නයි ඔයාගේ system එකේ startup application ටික.එතනින් ඔයා දන්නේ නැති අනවශ්‍ය application වල tick එක අයින් කරන්න.remove පුලුවන්නම් ඒවා remove කරන්න.right click කරලා Delete this entry දෙන්න.






Step 3


දැන් broken shortcut අයින් කරන්න ඕන.මතක තියාගන්න ආයෙත් shortcut  එක මත double click  කරලා open දෙන්න එපා! අයෙත් virus එක run වෙන්න පටන් ගනියි.හොදයි Glary Utilities වල Disk Space යටතේ තියෙන Remove broken shortcut tool එක ඔපෙන් කරගන්න.එකෙන් ඔකොම broken shortcut හොයලාදෙයි.එවා delete කරන්න.
එහෙමත් හරිගියේ නත්නම් මෙන්න මේ shortcut පෙන්නන software එක Download කරග්න්න.මේ software එකෙන් shortcut විතරක් පෙන්නනවා.hard එකෙන් C එක ඇර අනිත් ඒවායේ තියෙන shortcut delete කරන්න.

දැන් virus එක ඉවරයි!!!!!!!!


Step 4

මේ ක්‍රම වලින් හරිගියේ නත්නම් මෙන්න මේ software එක download කරගන්න.එකෙන් virus එක අයින් කරන්න.මට ක්‍රම ගොඩක් දාන්න උනේ එක එක shortcut එක එක විදියට අයින් කරන්න තියෙන නිසා.


හොදයි.මන් මගේ computer එකට ආපු virus අයින් කරගත්තේ Glary Utilities වලින්.skypee shortcut virus එක remove කරගන්න විදිය මන් pdf එකකින් දාලා ඇති.ගැටලුවක් තියේනම් comment කරන්න.ඔයාට මොනවහරි ගැටලුතියෙනම් page එකට post කරන්න.





Driver Easy 4 …… ඔයාටත් Drivers ප්‍රශ්නද?



ඔන්න මන් අද ගෙනාවා ඔයාලට වටින software එකක්.අලුතින් windows ගහපු අයට එන ලොකුම කේස් එක තමයි computer එකේ drivers නැති වෙන එක.ඔන්න ඉතින් දැන් ඉදලා ඒ ප්‍රශ්නෙත් ඉවරයි.මන් අද ඔයාලට ගෙනාවා ලේසියන් hardware වල drivers හොයාගන්න පුලුවන් software එකක්.මේකේ නම Driver Easy.මේ soft එකේ වැඩත් Easy තමයි.මේ software එකෙන් scan කරලා කල්පැනපු driver software තියෙනෙම් පෙන්නනවා.ඔයාලට තියෙන්නේ ඒ new drivers download කරගන්න.මේ software එකෙන් ඔයාලට ගෙනත් දෙන්නේ අලුත්ම Drivers.ඉතින් මේ Driver Easy එක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි. ඔයාට Drivers ප්‍රශ්න තියෙනවනම් Driver Easy download කරගන්න.මේක නම් free දෙන්නේ නෑ.ඒක නිසා මන් ඔයාලට crack එකත් එක දාලා ඇති.ලොකු වැඩක් කරාට පොඩි software එකක්.හොදයි.මන් ගියා.......


                    







අනිත් බ්ලොග්කරුවන්ට මේ warning එක දෙන්නේ! මගේ post කොපි කරන්න හදන්න එපා! තමන් තමන්ගේ උත්සාහයෙන් වැඩ කරනන.නැතුව මගේ post තමන්ගේ post කරගන්න එපා!... එහෙම කරන blog මන් කාටත් පෙන්නනවා...එකෙන් චාටර් වෙන්නේ ඔයාගේ බ්ලොග් එක විතරයි.....


Do not Copy Anything …………