Saturday, December 27, 2014

මොකද්ද මේ torrent කියන්නෙ? ((( Torrent Download )))





ඔන්න මන් අද ගෙනාවෙ ගොඩක් දෙනෙක් දන්න ඒත් කොටසක් නොදන්න දෙයක් ගැන.ඒ Torrent Download තමයි.මොකද්ද මේ Torrent කියන්නේ? ඇත්තටම මේකෙන් මොකද්ද කෙරෙන්නෙ?

හොදයි අපි බලමු.

Torrent කියන්නේ File Download කරන එක ක්‍රමයක්.හිතන්න ඔයාලා සින්දුවක් download කරනවා කියලා.ඒ සින්දුව ඔයා download කරගන්නේ කෙලින්මයි.වෙනත් ක්‍රමයකින් නෙවෙයි.Download Manager වලින් download කරනවා කියන්නේ වෙනත් ක්‍රමයක් නෙවෙයි.දෙකම එකයි.මේ file download කෙලින්ම වෙනත් කිසිම software එකක උදවුවක් නැතිව කරනවානම් ඒකට අපි කියනවා Direct Download කරනවා කියලා.Direct කියන්නේ කෙලින්ම කියන එක.හොදයි මේ වෙනත් කියන එකට Download Manager අයත් වෙන්නේ නෑ.මොකද Download Manager කරන්නෙත් web browser එකෙන් කරන දේම වේගවත්ව කරලා දෙන එකක්.ඒත් Torrent Download Software එහෙම නෑ.ඒවයින් file download කරන්න torrent file එකක් අවශ්‍යයි.download link වලින් download කරන්න බෑ.මේ torrent file එකේ තියන්නේ අපි download කරගන්න යන file එකේ පොඩි තොරතුරු ටිකක් විතරයි.Download link එක file size එක වගේ දේවල් මේ torrent file එකේ අඩන්ගු වෙලා තියෙනවා.මේ torrent downloder එකෙන් මේ torrent file කියවලා ඒවායි තියෙන download link ,peers වගේ දේවල් සොයාගන්නවා.මේ ක්‍රමය නිසා download ඉක්මන් වෙනවා.ඒක නිසා අපිට ලේසියි. අනික direct download වලට වඩා ගොඩක් download link මේකට සම්බන්ද වෙනවා.
හොදයි මන් පල්ලෙහා ගොඩක් අය use කරන Torrent Download Manager එක දාලා ඇති.ගිහින් බාගන්න..මීට පස්සේ මන් ඔයාලට file download දෙන්නේ torrent වලින්.

  • ටොරන්ට් Tracker එකක් යනු!
මේ ක සේවාවක් .මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි.

  • ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. හිතමු X ගාව අලුත්ම ගේම් එකක් තියෙනව කියල, ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්. ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න. හදල ඒ ෆයිල් එක දෙනව Z ට. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව. X මේ ගේම් එකකොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ. Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල. මෙහිදි මෙම ක්‍රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්. ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේ චිත්‍රපටිය අප්ලෝඩ් කරන්න, මේකට තමයි සීඩ් කරනව කියන්නෙ. දැන් ඔන්න Z ගාවත් අදාල චිත්‍රපටිය තියෙනව. මේක තමයි මූලික සිද්දාන්තය.දැන් බලමු ප්‍රසිද්ධම ගේම් වලට වෙන දේ මොකද්ද කියල.


මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (ගේම් එකක් නෙවෙයි) අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1යි). අපි හිතමුකො මේ ගේම් එක හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක. එයාල මේක බාගන්නව, බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව. එමගින් ගේම් එකත් බාගන්නව. (දැන් සීඩර්ස්ල 10යි) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව, ඒ ගමන්ම අප්ලෝඩ් කරනව. (දැන් සීඩර්ස්ල 100+යි) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය ගේම් එක අපේ පරිගණකයට එන්නෙ.





මේ ලිපිය ඔයාට ගොඩක් උදවු වුනා නම් මගේ FB Page එකට LIKE ! කරන්න.ප්‍රශ්න ගැටලු තියෙනම් Comment කරන්න.හොදයි මේ වගේ ලිපියකින් අයෙත් මන් එනවා.මන් ඔයාලගේ පරිගණකය..සුභ දවසක්!

1 comment:

  1. පරිගණකය(බ්ලොග් අඩවිය): මොකද්ද මේ Torrent කියන්නෙ? ((( Torrent ))) >>>>> Download Now

    >>>>> Download Full

    පරිගණකය(බ්ලොග් අඩවිය): මොකද්ද මේ Torrent කියන්නෙ? ((( Torrent ))) >>>>> Download LINK

    >>>>> Download Now

    පරිගණකය(බ්ලොග් අඩවිය): මොකද්ද මේ Torrent කියන්නෙ? ((( Torrent ))) >>>>> Download Full

    >>>>> Download LINK ih

    ReplyDelete